මන්දාරම් නුවර
මන්දාරම් නුවර අසුණු සැණකින් දැනෙන හැඟීම විස්තර කරන්න නොහැකි තරම්ය. සිහිල් සුන්දර මිහිදුමෙන් පිරුණු පරිසරයක් නිතැතින් මනසේ මැවීම සිදුවේ .මධ්‍යම පළාතේ පිදුරුතලාගල ට ආසන්නව පිහිටා ඇති මෙම කුඩා ගම් පෙදෙස වෙත බොහෝ ජනාකර්ශනය සිදුවී ඇති බව කිව යුත්තක් ම ය.
යාබද කඳුවැටි හේතුවෙන් සෑදුන සෙවනැල්ලත් ,අඳුරත්,මිහිදුමත් මෙහි සුන්දරත්වය තීව්‍ර කරයි.
මහනුවර සිට රිකිල්ලගස්කඩ හඟුරන්කෙත පසුකර පදියපැලැල්ලට පැමිණි පසු එළමලේ හන්දියෙන් හැරී කිලෝමීටර් 11ක් පමණ දුර ගමන් කළ පසුව මෙම සුන්දර මන්දාරම්නුවර ප්‍රදේශය හමුවේ .
මෙම ප්‍රදේශයට මන්දාරම්නුවර යැයි පවසන්නේ අනෙකුත් ගම් වලට වඩා පමා වී හිරු උදාවීමත් එමෙන්ම අනෙකුත් ගම් වලට වඩා වේලාසනින් හිරු බැස යාමත් නිසාවෙනි.මෙයට හේතුව ලෙසින් හඳුන්වන්නේ මන්දාරම්නුවර කියන මේ ගම පිහිටා තිබෙන්නේපිදුරුතලාගල ගෝනපිටිය කබරගල සහ උඩ ගබ්බල කඳු වැටි සතරට මැදිව පතුලේ ඇති නිසාවෙනි.
කොලපතන ඇල්ල
මෙහි සංචාරය කරන ඕනෑම අයෙක් නැරඹීමට ප්‍රිය කරන අනිවාර්යෙන්ම ගමන් කරන ස්ථානයක් ලෙස කොලපතන ඇල්ල හඳුන්වාදිය හැකිය.ඈත අතීතයේදී මල්සරා නම් වූ දෙවියෙක් ඇල්ල බලන්නට කොළපතකට බත් රැගෙන පැමිණ ඇති අතර කොලපත එතන දමා ගොස් ඇත.
එතැන් පටන් මෙම ස්ථානය කොලපතන ඇල්ල නමින් හඳුන්වන හඳුන්වනු ලබයි.
මෙම දිය ඇල්ලට බැසීමට තහනම් අතර ප්‍රවේශ පත්‍රය රුපියල් සියයක් පමණ වේ.මාර්ගය හොඳින් තනා ඇති හෙයින් ගමනේ අපහසුවක් නොමැති අතර උදෑසන 8 සිට පස්වරු 5 දක්වා ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
කොඩියාරගල
ගම්මානය ආසන්නයෙන්ම වූ උස් කඳු වැටිය මෙනමින් හඳුන්වයි.මෙහි සංචාරයට අවසර පත්‍රයක් අත්‍යවශ්‍ය වේ .ඉතා දුෂ්කර නැග්මක් ඇති මෙම කන්ද බැසීම අසීරු ය .ඊට හේතුව වන්නේ බෑවුම අධික වීමයි .කූඩලු ගහනය බහුල ලෙස දැක ගන්නට හැකිය .බඹර කූඩ ඇති හෙයින් බොහෝ පරිස්සම් විය යුතුය .මේ සඳහා හොඳින් දන්නා ගම්වාසීයෙක් හෝ මීට පෙර ගමන එම ගමනට සහභාගී වී ඇති පුද්ගලයෙකු ගේ අනුදැනුම ඇතිව ගමන් කිරීම වඩාත් සුදුසු වේ.
කොල්ලන්ගල
ගමෙහි ඇති විශේෂ ස්ථානයක් ලෙස මෙය හඳුන්වනු ලබයි .මෙය පර්වතයකි .මෙම පර්වතයේ මිනිස් රූපය කොටා ඇති අතර එහි එක් පැත්තක පෙදෙසකට අත දිගු කරගෙන සිටින අයුරක් දක්නට ඇත .ගම්වාසීහු මෙය විශ්වාස කරනුයේ තම ගමෙහි ඇති ගම් එහි ඇති නිදානය වෙත ගමන් කිරීමට පෙන්වන මඟ සළකුණක් ලෙසිනි.මෙය හුදු කට කතාවක් කටකතාවක් හා විශ්වාසයක් පමණි.
බෙර ගහන ඇල්ල
මන්දාරම් නුවර යන අයෙකු විසින් නැරඹීමට යන තවත් ස්ථානයක් ලෙසින් බෙර ගහන ඇල්ල හඳුන්වාදිය හැකිය.කොඩි අරගලය යන මාර්ගයේ මද දුරක් ගමන් කර විට මගින් මගින් හැරී වනය මැදින් ගමන් කළ විට කල විට මෙම ඇල්ල හමු වේ .නිසි පිළිසකර කර මාර්ගයක් නොමැති හෙයින් බොහෝ ප්‍රවේශමෙන් ගමන් කිරීම වැදගත් වේ .
මෙම දිය ඇල්ලෙහි ඇති විශේෂත්වය නම් වතුර වැටෙන විට ඇසෙන බෙර හඬ බෙර හඬ මගුල්බෙර වාදන සමාන බව පවසයි.









